‘ආවා’ පිටුපස හමුදාව නැහැ - උතුරේ ආණ්ඩුකාරවරයා කියයි

Friday, 04 November 2016 - 18:19

%E2%80%98%E0%B6%86%E0%B7%80%E0%B7%8F%E2%80%99+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
උතුරේ ක්‍රියාත්මක බව පැවසෙන ‘‘ආවා’’ කල්ලියට යුද හමුදාවේ සහයක් නොලැබෙන බව උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පවසනවා.

උතුරේ වත්මන් තත්ත්වය පිළිබද දැනුවත් කිරීම සඳහා බත්තරමුල්ලේ පිහිටි උතුර පළාත් ආණ්ඩුකාර උප කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

පසුගිය දා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ඝාතනය වීමත් සමඟ ප්‍රදේශයේ ආවා ගෘප් නැමති ආයුධ සන්නද්ධ කල්ලියක් ක්‍රියාත්මක බව නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පාර්ලිමේන්තුවේ මුල්වරට ප්‍රකාශ කළා.

අනතුරුව පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ආවා කල්ලිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත පිහිටුවා ඇති එකක් බවයි.

කෙසේ වෙතත්, ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා.

අමාත්‍යවරයා වගකීම් විරහිත ප්‍රකාශ සිදුකරමින් යුද හමුදාවට අපහාස කරන බවටයි ඔහු චෝදනා කළේ.

අනතුරුව අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න යළිත් කියා සිටියේ ආවා කල්ලිය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත බිහිවූවක් බවයි.

ඔහුගේ පූර්ණ ආශිර්වාදය යටතේ බිහිකර ඇති ආවා කල්ලිය සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු  විස්තර හෙළිකරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා.

මේ අතර, ජාතික ප්‍රගතිශීලී එකමුතුව ද අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආවා කල්ලිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍ය රාජිත සේනාරත්නට චෝදනා එල්ල කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories