ඉදිරි පැය 48 දීත් දිවයින පුරා වැසි

Saturday, 05 November 2016 - 18:35

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+48+%E0%B6%AF%E0%B7%93%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
නායයෑමේ අවදානමක් හේතුවෙන් හගුරන්කෙත - ගෝනපිටිය ප්‍රදේශයේ  පදිංචිව සිටි පවුල් 16 කට අයත් පුද්ගලයන් තිස් දෙදෙනෙකු ඉවත් කිරීමට ආපදා කළමනාකරන ඒකකය කටයුතු කළා.

ඔවුන් මේ වනවිට ගෝනපිටිය ප්‍රජා ශාලාවේ තාවකාලිකව ලැගුම් ගෙන ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර මාධ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

මේ අතර ඊයේ (04) රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇද හැලූනු අතර, වැඩිම වර්ෂාපතනයක් රත්නපුර - බොරලූඔය ප්‍රදේශයෙන් වාර්තාවුණා.

එය  මිලිමීටර 95.5 ක් ලෙස සටහන් ව තිබූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ. වර්ෂාවත් සමඟ ඇතිවූ සුළං හේතුවෙන් හික්කඩුව  ධීවර වරායේ වැලි ඉවත්කරමින් තිබූ ධීවර අමාත්‍යාංශයට අයත් සයුරු නෞකාවද අනතුරට ලක්වුණා.

එම නෞකාව වෙරළ දෙසට ගසාගෙන ගොස් කොරල් පරයක් මතට ගොඩ ගසා ඇති  බව සඳහන්.  

මීට අමතරව නුවරඑළිය - මාගස්තොට - අබේපුර ප්‍රදේශයේ බැම්මක් ඉදිකරමින් සිටියදී  පස් කන්දකට යටවීමෙන් තුවාල ලැබූ කම්කරුවන්් 6 දෙනෙකු අද (05) නුවරඑළිය රෝහලට ඇතුළත් කළා.

ඉන් බරපතල තත්ත්වයේ පසුවූ එක් අයෙක් මහනුවර මහ රෝහල වෙත මාරුකර යැවූ බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ.

මේ වනවිට නුවරඑළිය රෝහලේ එක් අයෙකු ප්‍රතිකාර ලබමින් සිටින අතර අනෙකුත් පුද්ගලයින් රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවත් දින දෙකක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories