උපවාසයේ නිරත ආබාධිත රණවිරුවන් 3 ක් ජාතික රෝහලේ

Saturday, 05 November 2016 - 19:22

%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
සේවා විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් කොළඹ - කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසයට අදට දින 3 ක් ගතවනවා.

උපවාසයේ නියුතු රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය සඳහන් කළේ මේ වන තෙක් රජයේ කිසිඳු නිලධාරියෙක් තම ගැටලුව විසඳීමට ඉදිරිපත් නොවූ බවයි.

වසර 12 ක සේවා කාලය සම්පූර්ණවීමට පෙර විශ්‍රාම ගිය ආබාධිත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ට සේවා විශ්‍රාම වැටුපක් ඉල්ලා කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී මෙම විරෝධතාවය ආරම්භ වූයේ පසුගිය 31 වැනිදායි.

විරෝධතාවය අතරතුර ආබාධිත රණවිරුවන් පිරිසක් පසුගිය 3 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

උපවාසයේ යෙදුණු ආබාධිත රණවිරුවන් හතරදෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගියා.

එම රණවිරුවන්ගෙන් තුන්දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව සඳහන්.

ඉන් එක් අයෙකු මූලික ප්‍රතිකාර ලබා යළිත් උපවාසයේ නිරතවන කොළඹ - කොටුව දුම්රියපල ඉදිරිපිටට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ

පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හමුවේද ඔවුන් උපවාසයේ නිරත වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories