ධීවර ගැටලූව විසඳන්න ඉන්දු - ශ්‍රී ලංකා ක්‍රියාකාරී කමිටුවක්

Sunday, 06 November 2016 - 7:36

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව විසඳීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කිරීමට දෙරට අතර එකඟත්වයක් ඇතිවී තිබෙනවා.

නවදිල්ලියේදී ඊයේ පැවති විදේශ කටයුතු අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවලදී එම එකඟතාව ඇතිවූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ පැවති සාකච්ඡා සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර  සහ ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් එක්වූ අතර, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර සහ ඉන්දීය ධීවර අමාත්‍යවරයා ඇතුළු ධීවර නියෝජිත පිරිසක්ද සහභාගිවුණා.

මෙලෙස ස්ථාපිත කෙරෙන ඉන්දු ශ්‍රී ලංකා - ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම සෑම මාස 3 කට වරක් රැස්වීමට නියමිත අතර, දෙරටේ ධීවර අමාත්‍යවරුන් සෑම මාස හයකට වරක් හමුවීමටයි ඊයේ පැවති සාකච්ඡාවලදි එකඟවී ඇත්තේ.

එම සාකච්ඡා සඳහා දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම වෙරළාරක්ෂක සහ නාවික හමුදා නියෝජිතයන්ද එක්වනු ඇති.

පළමු අමාත්‍ය මට්ටමේ රැස්වීම ලබන 2017 වසරේ ජනවාරි 2 වනදා කොළඹදී පැවැත්වෙනු ඇති.

මේ අතර ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලූව සම්බන්ධයෙන් ඊයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති සාකච්ඡා සාර්ථක වූ බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories