Update : ජනපති ඉන්දියාව බලා පිටත්ව යයි

Sunday, 06 November 2016 - 12:09

Update+%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලෝක දුම්කොළ පාලන සම්මේලනයේ 7 වන සැසි වාරයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දහවල් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා.

නවදිල්ලි නුවර නොයිඩා ප්‍රදේශයේ පැවැත්වෙන මෙම සමුළුව සංවිධාන කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා රාෂ්ට්‍රපති භවන් හිදී ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී හමුවීමට ද නියමිතයි.

 


Update : Sunday, November 6, 2016 15.29
--------------------------------------------------


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දෙදින චාරිකාවක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යනවා.

එහිදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී, රාෂ්ට්‍රපති භවන්හිදී මුණගැසීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

ජනාධිපතිවරයා හෙට දිනයේදී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක දුම්කොළ පාලන සම්මේලනයේ හත්වන සැසිවාරයට සහභාගිවීමට නියමිතයි.

නවදිල්ලියට තදාසන්නයේ වූ නොයිඩා ප්‍රදේශයේදී පැවැත්වෙන මෙම සමුළුව සංවිධාන කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි.

එහි දුම්කොළ පාලන යාන්ත්‍රණ සම්මුතියට අදාළව සමුළුව සෑම වසර දෙකකට වරක් පැවැත්වෙන්නක්. ලෝකයේ දුම්කොළ පාරිභෝජනය පිළිබඳ ක්‍රියාත්මක වන එකම සම්මුතිය මෙයයි. මෙවර සමුළුව සඳහා ශ්‍රී ලංකාව ඇතුලූ ලොව රටවල් 180 ක නියෝජිතයන් සහභාගිවන අතර පාකිස්ථානය ඒ සඳහා එක් නොවන්නේ ඉන්දියාව සමඟ පවතින රාජතාන්ත්‍රික අර්බුදය හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories