ප්‍රදේශ රැසකට තද වැසි කළු සහ ගිං ජල මට්ටමත් ඉහළ දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානම තවදුරටත්

Monday, 07 November 2016 - 7:15

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%92%E0%B6%82+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85++%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
දකුණු, මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට ඊයේ රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි පතිත වී තිබෙනවා.

විශේෂයෙන්ම දකුණු පළාතේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

ඇතැම් ප්‍රදේශවල කුඩා පස් කඳු කඩාවැටීම්ද සිදුව තිබෙනවා.

මාතර - තොටමුණ, දෙවිනුවර, වල්ගම, පීක්වැල්ල සහ පොල්අතුමෝදර යන ප්‍රදේශවල ජල ගැලීම් හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බව සඳහන්.

පීක්වැල්ල ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටීමෙන් නිවාස හයකට හානි සිදුව ඇති අතර, එහි සිටි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

 මේ අතර අධික වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා කළු සහ ගිං ගෙඟ් ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.

නිල්වලා ගෙඟ් ජල මට්ටමද ඉහළ යමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණු නායයෑම් සහ පස් කඳු කඩාවැටීමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අදින් පසු තරමක අඩුවීමක් අපේක්ෂා කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories