මිලියන 42 ක් ජනතාව ඡන්දය ප්‍රකාශ කරයි

Monday, 07 November 2016 - 13:43

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+42+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මිලියන 42 ක් ජනතාව ඇමරිකානු ජනාධිපතිවරණ සටනේ පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුකර ඇති බව එරට වාර්තා සඳහන් කළා.

ෆ්ලොරිඩා, උතුරු කැරොලයිනා සහ නෙවාඩා ප්‍රාන්තවල මේ වනවිටත් පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන්ව තිබෙනවා.

ලතින් ඇමරිකානු සම්භවයක් සහිත ඇමරිකානු වැසියන් වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට බවයි එරටින් ලැබෙන වාර්තා ප්‍රකාශ කළේ.

දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කළේ ෆ්ලොරිඩා සහ උතුරු කැරොලයිනා ප්‍රාන්ත හිලරි ක්ලින්ටන් ජයගතහොත් ඇමරිකානු ජනාධිපතිවරණ සටනේ වැඩි වාසි ඇයට හිමිවනු ඇති බවයි.

මේ අතර ඇමරිකාවේ සිටින මුස්ලිම් ජනතාවට අයි.එස්. ත්‍රස්තයන් අනතුරු අඟවා ඇත්තේ හෙට ආරම්භවන ඇමරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ නොකරන ලෙසයි.

ත්‍රස්තවාදීන්ට සහය දක්වන රූපවාහිනී නාලිකාවක් හරහායි ඔවුන් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories