ජනාධිපති කාර්යාලය අසළ ඊයේ ඇතිවූ කළහකාරී තත්ත්වය සැළසුම් සහගත කුමන්ත්‍රණයක් - රජය කියයි

Tuesday, 08 November 2016 - 16:13

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%85+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%85%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආබාධිත රණවිරුවන්ට ඊයේ එල්ලවූ ජල සහ කඳුලූ ගෑස් ප්‍රහාර සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා.

ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට  එක්වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ පොලීසිය උතුරට සහ දකුණට වෙනස් අයුරින් බලය යොදවන බවයි.

ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ද ඊයේ එල්ලවූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කළා.

මේ අතර ආබාධිත රණවිරුවන්ට එරෙහිව පොලීසිය ජල සහ කඳුළු ගෑස්වලට අමතරව රබර් උණ්ඩද භාවිතා කර ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ප්‍රකාශ කළා.

අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මේ බව කියා සිටියා.

කෙසේ වෙතත් ආබාධිත විශ්‍රාමික රණවිරුවන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කර තිබියදී ඊයේ ජනාධිපති කාර්යාල පරිශ්‍රය සහ ඒ අසළ ඇතිවූ කළහකාරී තත්ත්වය රජය අපහසුතාවට පත් කිරීමේ සැළසුම් සහගත කුමන්ත්‍රණයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

රජය සහ රණවිරුවන් අතර, බරපතල බෙදීමක් ඇති කිරීමටද එමඟින් උත්සාහ කළ බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

ජනාධිපති කාර්යාලය අසළට පැමිණි ආබාධිත රණවිරුවන් තමන් මෙහෙයවූයේ කවුදැයි නොදැන සිටි බවත්, ගැටළුව විසඳීමට පියවර ගෙන තිබියදීත් මෙවැනි තත්ත්වයක් ඇතිවීම තුළින් එය හුදෙක් ආණ්ඩු විරෝධී කණ්ඩායමක උත්සාහයක් වන බවත්, රජයේ අදහසයි.

විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙම ඉල්ලීම් ලබාදීමට මීට මාස හතරකට පෙර අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර තිබූ අතර මහා භාණ්ඩාගාරයේ තීරණය ලබාගෙන එය ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම්දී තිබූ බවද අදාළ නිවේදනයේ සඳහන් වනවා.

ඒ අනුව දීර්ඝ කාලයක සිට රජයට එරෙහි දේශපාලන සංවිධානවල භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකු සහ පිටස්තර පිරිසකගේ මැදිහත්වීම මත ඇති කළ මෙම කළහකාරී සිදුවීම දේශපාලන අවශ්‍යතාවක් බවයි එහි දැක්වෙන්නේ.

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය සිදුකළ අවස්ථාවේ එහි විදෙස් නියෝජිතයන් පිරිසක් විශේෂ සාකච්ඡාවක නිරතව සිටි බවත්, එම නිසා කාර්යාල පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලූවීමට කළ උත්සාහ පාලනය කළ බවත් රජය ප්‍රකාශ කරනවා.

විශ්‍රාමික රණවිරුවන්ගේ ඉල්ලීම් මුල් කරගනිමින් රජය අපහසුතාවට පත්වන ආකාරයේ ගැටුමක් නිර්මාණය කිරීමට කුමන්ත්‍රණකාරීන් පිරිසකට අවශ්‍යව තිබුණත් එය පොලිසීය සහ ආරක්ෂක අංශ අවබෝධ කරගෙන තිබුණු බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories