එක්නැලිගොඩ සිද්ධියේ තවත් බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකුට ඇප

Tuesday, 08 November 2016 - 16:26

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තවත් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකු අද ඇප මත මුදාහැරුණා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවූ සියලූම බුද්ධි අංශ සාමාජිකයන් මේ වනවිට ඇප මත මුදාහැර තිබෙනවා.

නඩුවේ හතරවන සහ පස්වන සැකකරුවන් අද මෙලෙස මුදාහැරියේ අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න විසින්.

විනී ප්‍රියන්ත නිලංජන් සහ රවීන්ද්‍ර උපසේන යන මෙම සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10  බැගින් වූ මුදල් ඇපයක් සහ ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසයි විනිසුරුවරයා එහිදී නියෝග කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු තවත් බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකු පසුගිය විසි හතරවනදා ඇප මත මුදාහැරුණු අතර, සැකකරුවන් හතරදෙනෙකු ඊට පෙර ඇප මත මුදාහැරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories