ඇමරිකාවේ ප්‍රාන්ත 9 ක් ජනපති තෝරයි

Tuesday, 08 November 2016 - 17:39

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+9+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම එරට ප්‍රාන්ත 9 කදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

වර්ජිනියා, නිව් හැම්ප්ෂයර්, කනිටිකට්, මේන්, වර්මන්, කෙන්ටකි, ඉන්ඩියානා, නිව්යෝක් සහ නිව්ජර්සි යන ප්‍රාන්ත ඊට අයත්.

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් සංඛ්‍යාව 14 කෝටි 63 ලක්ෂ 11 000 ක්.   

ප්‍රාන්ත 50 කින් සමන්විත ඇමරිකාවේ පැවැත්වෙන 58 වන ජනාධිපතිවරණය මෙය වන අතර, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අවසන් ප්‍රචාරක කටයුතුද සාර්ථකව අවසන් කර තිබුණා.   

මේ අතර, ක්ලින්ටන් සහ ට්‍රම්ප් ඇමරිකාවේ 45 වන ජනාධිපති ධුරය සඳහා තරඟ කරද්දී එම ධුරය දෙවරක් ඉසිලූ ජනාධිපති බැරක් ඔබාමාගේ ජනප්‍රියත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද අද වාර්තාවීම විශේෂත්වයක්.

ඔහු මෙතෙක් ලබා සිටි උපරිම ජනප්‍රියත්වය සියයට 56ක් වුවත් මෙවර ජනාධිපතිවරණයට පෙර එය සියයට 57 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

ජනාධිපති ඔබාමා පසුගිය දින 10 තුළ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ රැළි 17කට සහභාගි වී තිබෙනවා.

නවතම ජනමත සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ හිලරි ක්ලින්ටන් ට්‍රම්ප් අභිබවා ඉදිරියෙන් සිටින බවයි.

එහෙත් බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමට ගනු ලැබූ අනපේක්ෂිත තීරණය වැනි පෙරළියක් මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේදී සිදුවිය හැකි බවට විචාරකයන් මත පළ කරනවා.

පසුගිය වසර 30 ක් සලකා බැලීමේදි ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතරින් ජනප්‍රියත්වය අවම අපේක්ෂකයින් දෙදෙනා හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පරිපාලන සේවයේ 30 වසරක පළපුරුද්දක් ඇති 69 හැවිරිදි හිලරි ක්ලින්ටන් නිව්යෝර්ක් නගර සෙනට් සභිකාවක් සහ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරියක්
ලෙසද කටයුතු කළා.

ජනාධිපති ආර්යාවක ලෙසින්ද ඇය ජනාදරයට පත්ව සිටියා.

කෝටිපති ව්‍යාපාරිකයෙක් වන 70 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් රූපවාහිනී නිවේදකයෙක් මෙන්ම නිෂ්පාදකවරයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා.

හිලරි ක්ලින්ටන් ජනාධිපතිවරණය ජය ගතහොත් ඇය එම ධුරයට පත් වූ පළමුවැනි ඇමරිකානු කාන්තාව බවට ඉතිහාසගත වනවා.

ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරයට පත්වන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා අපේක්ෂකයා නොව වැඩිම ඡන්ද ආසන සංඛ්‍යාවක්
හිමිකරගන්නා අපේක්ෂකයායි.

පූර්ව මැතිවරණ සමීක්ෂණ වාර්තා සියල්ල මධ්‍යයනයක් ලෙස සැලකීමේදී හිලරි ක්ලින්ටන් ඡන්ද ආසන 168 ක බලය තහවුරු කර ගෙන ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 155 ක බලය තහවුරු කරගෙන සිටිනවා.

ආසන 9 කින් සමන්විත කොලරාඩෝ ප්‍රාන්තය මෙවර ජනාධිපතිවරණයේදී ඉතා වැදගත්. පසුගිය ජනාධිපතිවරණ දෙකේදී මේ ප්‍රාන්තය ඩිමොක්‍රටික්
පක්ෂයට හිමි වුවද මෙවර මේ ප්‍රාන්තය පවතින්නේ තියුණු සටනක්.

ඇමරිකානු ජනාධිපතිවරණයකදී තීරණාත්මක ප්‍රාන්ත ලෙස සැලකෙන්නේ ඇරිසෝනා, ෆ්ලෝරිඩා, නෝර්ත් කැරොලයිනා, වර්ජිනියා සහ ඔහායෝ ප්‍රාන්තයි.

ඒ, ජනාධිපතිවරයා තෝරාගනු ලබන ආසන 538කින් සමන්විත ඡන්ද විද්‍යාලය තුළ එම ප්‍රාන්තවලට වැඩි නියෝජනයක් හිමිවීමයි.

ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමට ඡන්ද විද්‍යාලය තුළ අපේක්ෂකයෙකු ඡන්ද 270 ක බහුතරය ලබා ගත යුතුවනවා.

කෙසේ වෙතත් වසරක කාලයක් පුරා ලෝක බලවතා බවට පත්වන්නේ හිලරි ක්ලින්ටන්ද, ඩොනල්ඩ් ට්‍රම්ප්ද යන කාරණය පිළිබඳ තිබූ ප්‍රශ්නාර්ථය හෙට විසඳෙනු ඇති.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories