සෞඛ්‍ය ක්ෂේත්‍ර 3ක් අද වැඩවර්ජනයක

Wednesday, 09 November 2016 - 7:33

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, මහජන සෞඛ්‍ය රසායානාගාර ශිල්පීන් සහ කීට විද්‍යා නිලධාරීන්, අද උදෑසන හතේ සිට හෙට උදෑසන හත දක්වා සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මහජන සෞඛ්‍යය පරීක්ෂක සහ කීට විද්‍යාඥයින්ගේ තාක්ෂණික පුහුණු ඩිප්ලෝමාවට අයත් තාක්ෂණික කරුණු මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය නිලධාරීන්ගේ පුහුණු පාඨමාලාවට ඇතුළත් කිරීමට විරෝධය පළ කරමින් මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කරන බවයි.

ඒ සඳහා 3500 කට  ආසන්න පිරිසක් එක්ව සිටිනවා.

මේ හේතුවෙන් ඩෙංගු මර්දනය, බෝවන රෝග නිරාවරණය, එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සහ රෝග මර්දනය වැනි ව්‍යාපාර සම්පූර්ණයෙන්ම ඇණහිටින බවයි අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක නජිත් සුමනසේන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories