ඩයිනමයිට් යොදා මසුන් මැරූ තවත් කණ්ඩායමක් අත්අඩංගුවට

Wednesday, 09 November 2016 - 8:28

%E0%B6%A9%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මන්නාරම - පල්ලිමුණේ මුහුදු සීමාවේ තහනම් උපකරණ යොදාගනිමින් ධීවර කටයුතුවල නිරතවූ මෙරට ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදාව ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තහනම් දැල් සහ පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් ඔවුන් ධීවර කටයුතුවල යෙදී ඇති බවටයි වාර්තාවන්නේ.

ඒ සඳහා යොදාගත් උපකරණ ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.

නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මීට පෙර ද මන්නාරම මුහුදු සීමාවේ ඩයිනමයිට් යොදාගනිමින් ධීවර කටයුතුවල නිරතවූ ධීවරයින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර, මන්නාරම ෆවුල්පාඩු මුහුදු තීරයට මියගිය මුහුදු ඌරෙකුගේ සිරුරක් ගොඩගසා තිබුණා.

පොලීසිය සඳහන් කළේ මසුන් මැරීම සඳහා යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් මෙම සත්වයා මියයන්නට ඇති බවයි.

ඉතා දුර්ලභ ඝනයේ සතුන් පවා මෙම පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් මිය යන බවටයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

පෙරේදා දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වැටලීමක්ද සිදුකළේ ඩයිනමයිට් යොදාගනිමින් ඇල්ලූ මත්ස්‍යයින් වෙළඳපොලේ පවතින්නේද යන්න සොයාබැලීම සඳහායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories