රාජගිරිය ආයුර්වේද රෝහලේ කනිෂ්ඨ සේවකයන් වර්ජනයක

Wednesday, 09 November 2016 - 11:08

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
පසුගිය මාස 5 ක අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පළ කරමින් රාජගිරිය ආයුර්වේද රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද උදෑසන සිට සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.

ඒ හේතුවෙන් රෝහලේ කටයුතුවලට ද බාධා සිදුව ඇති බවයි සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමය ප්‍රකාශ කළේ.

අද දිනයේදී තම ගැටලුවට නිසි පිළිතුරක් නොලැබුණහොත් හෙට දිනයේදී අඛන්ඩ වැඩවර්ජනයකට යොමුවන බව එම සංගමයේ සභාපති ගාමිණි කොස්ලන්ද ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories