කෝප් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජවිපෙන් ආණ්ඩුවට යෝජනාවලියක්

Wednesday, 09 November 2016 - 13:41

%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

කරුණු 6 ක් අන්තර්ගත වන එහි පළ‍්‍රමු යෝජනාව ලෙස දක්වා ඇත්තේ බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට උපරිම දඩුවම් ලබාදී වංචාකළ මුදල් නැවත රජයට අය කර ගත යුතු බවයි.

මේ පිළිබද දැනුම්වත් කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ අද මාධ්‍ය හමුවක් ද කැදවා තිබුණා.

ඊට එක්වෙමින් අදහස් දැක්වූ එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ ආණ්ඩුව සහ අග්‍රාමාත්‍යවරයා තවමත් හිටපු මහබැංකු අධිපතිවරයා ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

කෝප් නිර්දේශයන්ට අනුව බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට උපරිම දඩුවම් ලබාදීම, හිටපු මහ බැංකු අධිපතිවරයා දැනට දරණ සියලු  තනතුරුවලින් ඉවත් කිරීම, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම, වංචනික ලෙස උපයා ඇති වත්කම් පිටට රැගෙන යාම වැළැක්වීම, මහ බැංකුවේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ගේ ලැයිස්තුවෙන් එම සමාගම ඉවත් කිරීම ආදී කරුණු ඊට ඇතුළත්.

එමෙන්ම බැඳුම්කර ගණුදෙනුවට සහය දැක්වූ මහ බැංකුවේ නිලධාරීන් පරීක්ෂණ අවසන් වනතුරු ඔවුන්ගේ වගකීම්වලින් ඉවත් කිරීම සහ මහ බැංකුව තුළ සිදුව ඇති අනෙකුත් වංචා සෙවීම සඳහා විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමටද ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories