ගැරඩි ඇල්ල රක්ෂිතයේ අතරමංව සිටි තරුණයෙකු දින තුනකට පසු සොයාගැනේ

Thursday, 10 November 2016 - 7:55

%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B6%A9%E0%B7%92+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94++%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
මහනුවර - රංගල - ගැරඩිඇල්ල රක්ෂිතය නැරඹීමට ගොස් දින තුනක් අතුරුදන්වී සිටි තරුණයෙකු පොලීසිය ඊයේ සොයාගත්තා.

පසුගිය හයවනදා ගම්පහ ප්‍රදේශයෙන් පැමිණි තරුණයින් හත්දෙනෙකු සමඟ මොහු ගැරඩිඇල්ල රක්ෂිතයට ගොස් ඇත්තේ මග පෙන්වන්නෙකු ලෙසයි.

පසුව අතුරුදන් තරුණයා ගම්පහ ප්‍රදේශයෙන් පැමිණි තරුණයන් හත්දෙනා රක්ෂිතයේ සිටියදී යළි නිවෙසට ගොස් පැමිණෙන බව දන්වා පිටව ගොස් තිබුණා.

කෙසේ වෙතත් ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ මව රංගල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

පසුව ගම්පහින් පැමිණි තරුණයින් යළි රක්ෂිතය නරඹා පැමිණ තිබෙනවා.

පොලීසිය, ප්‍රදේශවාසීන් සහ පොලිස් නිල සුනඛයෙකු යොදා සිදුකළ මෙහෙයුමකදී ඊයේ මෙම තරුණයා හමුවී තිබුණා.

ඒ, ඔහු සිටි ස්ථානයේ සිට කිලෝමීටර 24 ක් පමණ දුරකින්. පොලීසිය, තරුණයා සොයාගන්නා අවස්ථාවේදී ඔහුගේ එක් පාදයක් බිඳී ගොස් තිබූ අතර පසුව මොහු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කෙරුණා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories