ට්‍රම්ප්ට රට පාලනයට අවස්ථාවක් දෙන්නැයි හිලරි ආධාරකරුවන්ට කියයි

Thursday, 10 November 2016 - 8:13

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු නායකත්වය හෙබවීමට ඩොනල්ඞ් ට්‍රම්ප්ට සාධාරණ අවස්ථාවක් දිය යුතු බව ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පවසනවා.

ජනාධිපතිවරණයෙන් ලද පරාජය පිළිගැනීමෙන් පසු ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් ඇය කියා සිටියේ සියලුම ඇමරිකානුවන්ගේ ජනාධිපතිවරයා ලෙස සාර්ථකව ට්‍රම්ප් කටයුතු කරනු ඇති බව තමන් විශ්වාස කරන බවයි.

බලාපොරොත්තු වූවාට වඩා වැඩියෙන් මෙම මැතිවරණයේදී ඇමරිකාව ඉතා බරපතල ලෙස බෙදී ඇති බවද ඇය ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට සමත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිනයේදී ජනාධිපති බැරැක් ඔබාමා සමඟ ධවල මන්දිරයේදී ප්‍රථම නිල හමුව පැවැත්වීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඩොනල්ඞ් ට්‍රම්ප් නිල වශයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස සිය කටයුතු ආරම්භ කරන්නේ ලබන වසරේ ජනවාරි මස 20 වනදායි.  

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories