අමරිකාවේ වෙඩි තැබීමකින් 5 කට තුවාල (ඡායාරූප)

Thursday, 10 November 2016 - 10:36

%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අමරිකාවේ සියැටෙල් ප්‍රදේශයේදී කිසියම් අයෙක් කල වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කණ්ඩායම් දෙකක් අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි ද සඳහන්.

තුවාල ලැබුවන් අතර කාන්තාවක් ද වනවා.

අමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි කණ්ඩායමක් සහ තවත් පිරිසක් අතර මෙම බහින්බස්වීම සිදුව ඇතැයි සැක කෙරෙනවා.

වෙඩි තැබු පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි පිරිස් ඇතැම් ප්‍රදේශවල විරෝධතාවලට එක්ව සිටින බවයි.

වෙඩි තැබීම සිදුවී මොහොතකින් පොලිසිය එම ස්ථානයට පැමිණ තිබෙනවා.

ප්‍රදේශයේ පවතින විරෝධතා හේතුවෙන් ආරක්ෂක අංශ ද සීරුවෙන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතා පැවැත්වෙන අයුරු දැක්වෙන විදෙස් මාධ්‍ය වාර්තා කළ වීඩියෝ දර්ශන පහතින්. 






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories