දිවයින පුරා අදත් විරෝධතා (ඡායාරූප)

Friday, 11 November 2016 - 15:18

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
විවිධ කරුණු මුල්කරගෙන දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (11) පෙරවරුවේ විරෝධතා පැවැත්වුණේ ප්‍රධාන මාර්ගවල ගමනාගමනය කටයුතුවලට ද බාධා එල්ල කරමින්.

මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය හුන්නස්ගිරිය නගරයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වුණේ මාර්ගයට ආසන්න රක්ෂිතයේ වනවාසී ස්වාමින් වහන්සේ නමක් වැඩවාසය කළ කුටිය කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇති බව පවසමින්.

සිය පාරම්පරික ඉඩම් කිසියම් පිරිසක් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බව පවසමින් අම්පාර - මංගලගම ප්‍රදේශයේ අද පැවති විරෝධතාවක් නිසා අම්පාර - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිනුණා.

වැලිසර පිහිටි වත්තල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ඉදිරිපිට ද අද පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වුණා.

ඒ ගල්උඩුපිට - ජයමිතුරු ක්‍රීඩාංගනයේ බලහත්කාරයෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අමාත්‍ය ජෝන් අමරතුංග කටයුතු කරන බවට චෝදනා කරමින්.

මෙම ගොඩනැගිල්ලට මුල් ගල තැබීම සදහා ඊයේ පැවති උත්සවයේදී ද අමාත්‍යවරයා විරෝධය පළ වුණා.

මේ අතර, කළුතර නගරයේ බාහිර උපාධි අධ්‍යයන සංසදය අද විරෝධතාවයක් පවත්වනු ලැබූයේ බාහිර උපාධියට බදවා ගන්නා පිරිස් සීමා කිරීම සදහා නිකුත් කර ඇති චක්‍රලේඛය වහා අහෝසි කරන ලෙස ඉල්ලමින්.

මේ අතර අම්පාර මංගලගම ප්‍රදේශයේ පැවති විරෝධතාවට ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ද එක්ව සිටියා.



ඡායාරූප - අම්පාර සමන් චන්ද්‍රතිලක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories