මහින්ද 23 චීනයට

Sunday, 13 November 2016 - 12:07

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+23+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලබන 23 වනදා චීන සංචාරයක් සඳහා පිටත්ව යනවා.

ඒ එරට රජයෙන් ලද ආරාධනාවකට අනුවයි.

ලබන 29 වනදා දක්වා සතියක කාලයක් එරට රැඳී සිටින ඔහු, චීන රජයේ ඉහළ පෙළේ නායකයින් මුණගැසී සාකච්ඡා පවත්වනු ඇති.

ඉකුත් ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චීනයේ සංචාරය කරන පළමු අවස්ථාව ද මෙයයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ මෙරට සංචාරයක නිරතවූ චීන විශේෂ නියෝජිත ලියු ෂෙන්මිං චීනයේ සංචාරය කරන ලෙස හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කළා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ සංචාරය කිරීමට නියමිතව තිබුණද එය ක්‍රියාත්මක වූයේ නැහැ.

කෙසේ නමුත් චීන රජයේ ඉල්ලීමකට අනුව ඔහු ලබන 23 වනදා චීන සංචාරය අරඹනු ඇති. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories