අතුරුදන් වූ ත්‍රිරෝද රථ රියදුරෙකුගේ මළ සිරුර වෙල්යායකින් හමුවෙයි

Tuesday, 15 November 2016 - 7:08

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දින දෙකක් අතුරුදන්ව සිටි ඇල්පිටිය - තලාව පාසල අසළ පදිංචි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ ඇල්පිටිය පොලීසිය සොයාගෙන තිබෙනවා.

පසුගිය 12 වන දා මෙම පුද්ගලයා සිය ත්‍රිරෝද රථයෙන් නිවසින් පිටව ගොස් ඇති අතර, ඊයේ දිනය දක්වා ඔහු යලි නිවසට පැමිණ නැහැ.

කෙසේ වෙතත්, පසුගිය 13 වන දා ඔහු ගිය ත්‍රිරෝද රථය ප්‍රදේශයේ පාළු ස්ථානයක තිබී පොලීසියට හමුවී තිබුණා.

වෘත්තියෙන් රියදුරෙකු වන ඔහුගේ සිරුර ඊයේ පස්වරුවේ පොලීසිය සොයා ගනු ලැබුවේ ප්‍රදේශයේ වෙල්යායක තිබියදියි.

මෙය ඝාතනයක් විය හැකි බවට සැක කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය සහ කරන්දෙනිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories