චන්ද්‍රිකා ගැන දැන ගන්න වික්ටර් අයිවන්ගේ පොත කියවන්න - හිටපු ජනපති මහින්ද

Tuesday, 15 November 2016 - 8:01

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට සූදානම් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ තංගල්ල - කාල්ටන් නිවසේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

එහිදී මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී හිටපු ජනාධිපතිවරියට කිසිදු වරප්‍රසාදයක් හෝ ආදායමක් නොතිබූ හෙයින් ඇය සිය දියණියගේ විවාහය හොරගොල්ලේ ඉඩමක් විකුණා සිදුකර ඇතැයි කියන කතාව සත්‍යයක් ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදුන් මහින්ද රාජපක්ෂ සඳහන් කළේ ප්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ පොත කියවීමෙන් ඒ පිළිබද අවබෝධයක් ලබාගත හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories