අතුරු වෛද්‍ය වෘත්තිකයන් අද වර්ජනයක

Wednesday, 16 November 2016 - 8:07

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 8ක් අද පෙරවරු අටේ සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.

ඒ, දේශපාලන අවශ්‍යතා පදනම් කර ගනිමින් සෞඛ්‍ය සේවයේ තෝරාගත් වෘත්තීන්වල වැටුප් ව්‍යුහය වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව පවසමින්.

මේ හේතුවෙන් රජයේ රෝහල්වල සිදුකෙරෙන හෘද සැත්කම් අඩාල විය හැකි බව කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ කියා සිටියා.

කෙසේ වෙතත්, මානුෂීය පදනම මත සලකා මහරගම අපේක්ෂා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු අත්‍යවශ්‍ය සේවා සිදුකෙරෙන රෝහල් 06ක මෙම වර්ජනය ක්‍රියාත්මක නොකෙරෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories