අතුරු වෛද්‍ය වෘත්තිකයන් තවදුරටත් වර්ජනයේ

Thursday, 17 November 2016 - 7:41

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 8ක් ඊයේ පෙරවරු අටේ සිට ආරම්භ කළ සංකේත වර්ජනය අද (17) දිනයේත් ක්‍රියාත්මකයි. ඖෂධ සංයෝජක තනතුර, අතුරු වෛද්‍ය සේවාවට අන්තර්ග්‍රහණය කිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමිනුයි මොවුන් මෙලෙස වර්ජනයේ නිරතවන්නේ.

වර්ජනය මධ්‍යම ලේ බැංකුව, මහරගම අපේක්ෂා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් 7 ක ක්‍රියාත්මක වන්නේ නැහැ.

වර්ජනය හේතුවෙන් රෝහල්වල හෘද රෝග සැත්කම්, අක්ෂි පරීක්ෂණ කටයුතු, ස්නායු, දන්ත පරීක්ෂණ සහ දන්ත කාර්මික කටයුතුවලට බලපෑමක් එල්ල වී ඇති බවයි රෝහල් ප්‍රකාශකයන් සදහන් කළේ.

අදාළ  වර්ජනය හෙට පෙරවරු අට දක්වා ක්‍රියාත්මක කරන බවයි අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක නජිත් සුමනසේන කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories