ප්‍රදේශ රැසකට අදත් තද වැසි

Thursday, 17 November 2016 - 8:27

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඉදරි පැය 48 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මෙලෙස තද වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම හෙට දිනයේ සිට මේ මස 21 වනදා දක්වා පවතින වැසි තත්ත්වයෙන් වර්ධනයක් අපේක්ෂා කරනවා.

මේ අතර, මඩකලපුවේ සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වූ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර, තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර දිවයිනට මඩකලපුව සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ.

දිවයිනට දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුලු පද්ධතිය මීට හේතුවයි.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රලු වීමට වැඩි හැකියාවක් පවතිනවා.

ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories