ඔසුසලකින් අලෙවි කළ කල්ඉකුත් වූ ප්‍රතිජීවක එන්නතක් ලබාදීම හේතුවෙන් තිදරු මවක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකිරීමේ පුවතක් හැටන් නගරයෙන් වාර්තා වුණා.
මෙලෙස දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ හැටන් - බණ්ඩාරපුර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තිදරු මවක්.
ඇයට මෙම ප්‍රතිජිවක එන්නත ලබාදී ඇත්තේ එම ප්‍රදේශයේම පෞද්ගලික වෛද්‍ය සායනයක ඇපොතිකර වෛද්‍යවරයකු විසින්.
මව්කිරි කැටි ගැසිමේ රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇය පෙරේදා මෙම ඇපෝතිකර වෛද්‍යවරයා හමුවට ගොස් තිබෙනවා.
ඔහු විසින් එන්නත් වර්ගයක් ලියාදී ඉන් එන්නත් කුප්පි තුනක් ඔසුසලකින් රැගෙන එන ලෙසට තමන්ට දැනුම්දුන් බවයි එම කාන්තාවගේ ඥාතියෙකු සඳහන් කළේ.
එලෙස ගෙන එනු ලැබූ එක් එන්නත් කුප්පියක් මෙම කාන්තාවට ලබාදීමෙන් පසුව ඇය ඊයේ (16) උදෑසන අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර තිබෙනවා.
මෙම කාන්තාවට ලබාදී ඇති එන්නත කල් ඉකුත්වී ඇති බවට දික්ඔය රෝහලේ වෛද්‍යවරුන් ඥාතීන් දැනුවත් කිරීමෙන් පසුව ඔවුන් අදාළ ඔසුසලට ගොස් එහි නොසන්සුන් ලෙස හැසිරී තිබෙනවා.
පසුව හැටන් පොලීසිය අදාළ ස්ථානයට පැමිණ මෙම ඔසුසල වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන්.
ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ

Follow US
Most Viewed Stories