මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට රට යන්න අවසර

Thursday, 17 November 2016 - 12:53

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට විදෙස් ගතවීමට පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ජපානයේ පැවැත්වෙන ආගමික හා සංස්කෘතික වැඩසටහනකට සහභාගි වීම සදහා අවසර ලබාදෙන ලෙස මීට පෙර මන්ත්‍රීවරයා මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඒ පිළිබඳ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මන්ත්‍රීවරයාට විදෙස් ගතවීමට අවසර ලබාදී ඇත්තේ.

ඒ අනුව, මේ මස 25 වැනිදාත්, දෙසැම්බර් 20 වැනිදාත් අතර කාලය තුළ ඔහුට විදෙස් ගතවීමට අවසර හිමිවනවා.

2006 වසරේ සිට 2008 වසර දක්වා කාලය තුළ සිය වත්කම් හෙළි නොකිරීමට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවකට අදාළව ඇප කොන්දේසි ලෙස මොහුට විදෙස් ගතවීම අධිකරණය විසින් තහනම් කර තිබුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories