ඉදිරි පැය 48 තුළ බොහෝ ප්‍රදේශවලට තද වැසි - මුහුදත් රළු වෙයි

Thursday, 17 November 2016 - 16:50

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+48+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉදිරි පැය 48 තුළ දකුණ, සබරගමුව, මධ්‍යම, බස්නාහිර, නැගෙනහිර සහ ඌව පළාත්වලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (17) පස්වරුවේ එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි තත්ත්වය, වැසි වර්ධනය වීමට හේතු වී ඇති බවයි.

මඩකලපුව සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories