මානවයාගේ විනාශය පිළිබදව ලොව බුද්ධිමත්ම පුද්ගලයාගෙන් අනාවැකියක්

Friday, 18 November 2016 - 8:46

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF%E0%B7%80+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දැනට ලෝකයේ ජිවත්වන බුද්ධිමත්ම පුද්ගලයා ලෙස සැලකෙන මහාචාර්ය Stephen Hawking මිනිසාගේ අනාගතය පිළිබදව තීරණාත්මක අනාවැකියක් පළකර තිබෙනවා.

මහාචාර්ය Stephen Hawking ප්‍රකාශකර ඇත්තේ ඉදිරි වසර දහසක කාලය තුල මානවයා පෘථිවියෙන් වදවී යනු ඇති බවටයි.

එම ක්‍රියාවලියට අදාල පසුබිම මේ වනවිටත් සැකසී ඇති බවයි ඔහු පවසා ඇත්තේ.

කෘතීම බුද්ධිය වර්ධනය කිරීම,ජීව අවි නිෂ්පදනයවිම,න්‍යෂ්ඨික අවි නිෂ්පාදනය වැනි කරුණු ගනනාවක් නිසා මිනිසා පෘථිවියෙන් වදවීයෑමට හේතු වනු ඇති බවටයි ඔහු සදහන් කරන්නේ.

මේ වනවිට සිදුකරගෙන යන පරීක්ෂණ වලට අනුව ඉදිරි වසර 50ක කාලය තුල පිටසක්වල ජීවින් සමග සම්බන්ධතා ඇතිකර ගත හැකි බවද මහාචාර්යවරයා මෙහිදී කියා සිටියා.

මෙම තත්වය හේතුවෙන් මානවයාට පෘථිවියෙන් නික්ම ජිවත් වීමට හැකි වෙනත් ස්ථානයක් වෙත යොමුකිරිම සදහා සිදුකරගෙන යන පරීක්ෂණ කටයුතු වල ප්‍රගතියක් ඉතා ඉක්මනින් අත් කරගත යුතු බවයි Stephen Hawking වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලයේ පැවති විශේෂ දේශනයකට සහභාගී වෙමින් ඔහු මෙම  අනාවැකි පළකර තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories