දුමින්ද සිල්වා විදේශගත කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක්, අදහසක් හෝ ඉල්ලීමක් තිබුණේ නැහැ ! මාධ්‍ය වාර්තා අසත්‍යයි! සොයුරිය පවසයි.....

Friday, 18 November 2016 - 12:43

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B3%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+%21+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%21+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92.....
බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විදේශයකට රැගෙන යාමට උත්සහ දරන බවට පුවත්පත් ඇතුළු වෙබ් මාධ්‍යවල පලවන සියළු වාර්තා අසත්‍ය සහ ද්වේෂසහගත බව ඔහුගේ සොයුරිය තරයේ පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ දුමින්ද සිල්වා යනු හිසට වෙඩි දෙකක් වැදුනු අසාධ්‍ය රෝගියෙකු බවත් එම රෝගී තත්ත්වයට නිරන්තර ප්‍රතිකාර අත්‍යවශ්‍ය බවත්ය.

ඒ අනුව පසුගිය දිනක සිදුව ඇත්තේද බන්ධනාගාර ගතව සිටින දුමින්ද සිල්වා මහතාගේ රෝගී තත්ත්වය උත්සන්න වූ අවස්ථාවක ප්‍රතිකාර සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින්ම ඔහුව ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන යාම පමණි.

එලෙස ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේද ඔහුගේ හිසට වෙඩි දෙකක් වැදී දරුණු මාරාන්තික අනතුරක් වූ පසුව ශල්‍යකර්මය සිදුකළේ එම රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේෂි විජේරත්න මහත්මිය නිසාවෙන් සහ එම රෝගියාව යළි පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කළ යුත්තේද එම වෛද්‍යවරියටම පමණක් බව බන්ධනාගාර නිලධාරීන් විසින් තීරණය කළ නිසාවෙනි.

එබැවින්, මෙම ක්‍රියාදාමය තුල බන්ධනාගාරගතව සිටින දුමින්ද සිල්වා මහතා විදේශගත කිරීමේ කිසිදු සූදානමක් හෝ උත්සහයක් නොමැති බවත් පුවත්පත් සහ වෙබ් මාධ්‍ය මගින් එවැන්නක් ප්‍රචාරය කිරීම හුදෙක් යම් පිරිසකගේ ද්වේෂසහගත සහ දේශපාලන උවමනාවක් මත සිදුවන්නක් බව පෙනී යන්නේයැයිද ඔහුගේ සොයුරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ආරංචි මාර්ග මගින් අපට වාර්තා වන්නේ හිටපු මන්ත්‍රීවරයා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී එම රෝහලෙන් කිසිඳු පරීක්ෂාවක් හෝ ප්‍රතිකාරයක් නොකර නැවත හරවා යැවූ බවයි.

මෙසේ හරවා යැවීමට හේතුව එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා භාරගැනීමට රෝහල් සේවකයින් හා වෛද්‍යවරුන් අකමැතිවූ නිසා බව වෙබ් අඩවියකට ලිපියක් ලියමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා ප්‍රකාශ කර සිටිනවා.

බන්ධනාගාර ගතව සිටින දුමින්ද සිල්වා මහතාගේ සොහොයුරිය ඇගේ ෆේස්බුක් පිටුවේ මේ පිළිබඳව සටහන් කර ඇති අයුරු...



දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි දෙකක් වැදී දරුණු මාරාන්තික අනතුරක් වූ පසුව ශල්‍යකර්ම සිදුකළ අයුරු දැක්වෙන ඡායාරූප පහතින්..



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories