හෙට කොළඹ ප්‍රදේශ රැසකට පැය 12 ක් ජලය අත්හිටුවයි

Friday, 18 November 2016 - 13:09

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+12+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලිය සපයන විදුලි සම්ප්‍රේශණ පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

ඒ අනුව හෙට පෙරවරු 9යේ සිට රාත්‍රි 9 දක්වා කොළඹ දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ ,මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගරසභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා මෙන්ම රත්මලාන ප්‍රදේශයටද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories