නව පක්ෂයේ රහස සන්ධාන මහ ලේකම් හෙළි කරයි

Saturday, 19 November 2016 - 21:43

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්කොට නව පක්ෂයක් ආරම්භ කිරීම සඳහා වුවමනාවෙන් පසුවන මන්ත්‍රීවරුන් තිදෙනෙකු සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මහලේකම්වරයා මේ අදහස් පළ කළේ රත්නපුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලනය අමතමින්.

මහින්ද අමරවීර කියා සිටියේ නව පක්ෂයක් පිහිටුවීමේ වාසිය හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂයට බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යූ.එන්.පී. විරෝධීන් මේ වනවිට වෙන්වී සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ අනුරාධපුර - ජයන්ති විහාරස්ථානයේ නව සංඝාවාසය සඟසතු කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories