මල් පොහොට්ටුව ලකුණින් නව පක්ෂයක් ආරම්භ කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණයෙදි නිදහස් පක්ෂයේ පළාත් සභා සහ නාගරික මන්ත්‍රිවරුන් පරාජය කිරීමේ අරමුණින් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පවසනවා.
නව පක්ෂය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදි ජනතාවට හෙළිකිරිමට සුදානම් බවයි හෝමාගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.
‘‘රූපවාහීනිය දැම්මාම පොහොට්ටුව පුම්බන්න හදනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් පුළුවන්නම් සාමාජිකත්වය ගන්න කියන්න. කිසි කෙනෙක් සාමාජිකත්වය ගන්නවාද? නෑ. මේ පළාත් පාලන ඡන්දෙට ඉල්ලන්න ඉන්න මේ සභාපතිතුමන්ලා මන්ත්‍රිතුමන්ලා බිල්ලට දෙන්න තමයි ඔය හදන්නේ. පළාත් පාලන මැතිවරණය පරද්දලා පළාත් සභා මන්ත්‍රිවරු ටික නගර සභා මන්ත්‍රිවරු ටික ගෙදර තියන එකේ අරමුණක් තමයි ඔතන තියෙන්නේ. ඒක කාගේ උවමනාවටද කරන්නේ. ඒවා දැම්ම හෙලි කරන්නේ නැත්තේ ජනාධිපතිතුමා විනය පරික්ෂණ කරලා මේ අය ඉවත් කරන්නේ නැත්තේ සියළු දෙනාම එකතු කර ගන්න. අද අභ්‍යන්තර සාකච්ඡා ගණනාවක්ම කරගෙන යනවා. මේ සියළුදෙනාම එකතුකරගෙන අපි ඉදිරියට ගමන් කරන්න. ඒ අරමුණේ තමයි ජනධිපතිතුමා සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉන්නේ. ඒවා කියන්න කාලයක් එනවා. හම්බුණේ කොතනද , සාකච්ඡා කළේ කොතනද, ඩිල් එක ගැහුවේ කොතනද, ඇයි ඒ ඩිල් එක ගැහුවේ කියලා ඉදිරියේදි අපි පැහැදිලිව සමාජයට රටට කියන්න ඉදිරියට එනවා කියලා මතක් කරනවා. ’’

Follow US
Most Viewed Stories