ඉන්ධන ගැටළුවක් නිසා තාප බලාගාර 4 ක් අක්‍රියයි විදුලි ඉංජිනේරුවන් කියයි

Monday, 21 November 2016 - 7:25

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්ධන ගැටළුවක් හේතුවෙන් තාප බලාගාර 4 ක් අක්‍රියවී ඇති බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති අතුල වන්නිආරච්චි සඳහන් කළේ මේ හේතුවෙන් මෙගාවොට් 400 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමිව ඇති බවයි.

පසුගිය ඔක්තෝම්බර් මස 12 වනදා අධිබලැති විදුලි රැහැන් පද්ධතියක සිදුවූ ක්‍ෂණික බිඳවැටීමක් හේතුවෙන් නොරොච්චෝලේ  බලාගාරය  අක්‍රිය වූ අතර එහි පළමු ජනන යන්ත්‍රය තවමත් සකස් කර නැහැ.

මේ නිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300 ක ධාරිතාවක් අහිමිවනවා.  

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරාගෙන්ද විමසීමක් කළා.

ඔහු කියා සිටියේ ඉන්ධන ගොඩබෑමේ පවතින ගැටළුවක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

හැකි ඉක්මණින් එය යථා තත්වයට පත් කරන බවද ඔහු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories