හලාවත ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවන් මාස එකහමාරකට පසු අල්ලයි

Monday, 21 November 2016 - 7:41

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%91%E0%B6%9A%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මීට මාස එකහමාරකට පමණ පෙර හලාවත - වට්ටක්කලිය ප්‍රදේශයේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තුන්දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඝාතනය සඳහා යොදා ගත් බවට සැක කෙරෙන තියුණු ආයුධ කිහිපයක් සහ සැකකරුවන් පැමිණි බවට සැළකෙන මෝටර් රථ 3ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

සැකකරුවන් මහනුවර - හාරගම, දිඹුලාගල සහ හලාවත - තිත්තකඬේ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මස 3 වන දා මෙම කෝටිපති ව්‍යාපාරිකයා නිවසේ සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහුව ඝාතනය කර පලාගොස් තිබුණා.

මියගිය ව්‍යාපාරිකයාගේ  සිරුර නිවසේ ඇඳක් මත තිබියදී හමුවූයේ අත් පා සහ මුඛය රෙදි පටිවලින් ගසා තිබියදියි.

සිද්ධියෙන් මිය ගිය 44 හැවිරිදි ව්‍යාපාරිකයා දෙදරු පියෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයා සතු මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කෑමේ අරමුණින් මොවුන් නිවසට ඇතුළු වූ බවයි.

එහෙත් ඔහුගේ නිවස තුළ කිසිවක් නොමැතිවීම හේතුවෙන් මෙම ව්‍යාපාරිකයා ඝාතනය කර  ඇති බවද සැකකරුවන් ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories