උතුරේ එල්.ටී.ටී.ඊ. සැමරීමට ඉඩක් නැහැ- ආරක්ෂක රාජ්‍ය ඇමති කියයි

Monday, 21 November 2016 - 7:45

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A.+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යුද්ධයේදී ජීවිතක්ෂයට පත්වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීමට කවුරුන් හෝ එක්වන්නේ නම්, ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසනවා.

තමන්ට මහවිරු දිනය සැමරීම සඳහා අයිතියක් ඇති බවට උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහවිරු දිනය සැමරීමට අයිතියක් ඇති බව ප්‍රකාශ කළේ යාපනයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එසේ සැමරීමක් සිදුවුවහොත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories