ඕනෑම යුද්ධයකට සූදානම් - පාකිස්තාන හමුදාපතිවරයා කියයි

Monday, 21 November 2016 - 14:57

%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ජයග්‍රහණය රැසක් අත්කර ගත් පාකිස්තානය, සාම්ප්‍රදායික යුද්ධයකට වුවද ඕනෑම මොහොතක සූදානම් බව එරට හමුදා ප්‍රධානී ජනරාල් රහීල් ශරිෆ් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉන්දීය දේශසීමාව ආසන්නයේ පිහිටි සුලෙමන්කායි ප්‍රදේශයේ හමුදා පරීක්ෂා කිරීමේ සංචාරයකට එක්වෙමින්.

අතීත යුද විරුවන් සිදුකළ කැප කිරීම්වල ආභාෂයෙන් පාකිස්තාන හමුදා ඕනෑම අනාගත අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවයි ජනරාල් රහීල් ශරීෆ් එහිදී ප්‍රකාශ කළේ. ඔහු මේ මස අවසානයේ සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories