ප්‍රතිපාදන කප්පාදුව ගැන සාකච්ඡාවකට මහඇමතිවරු අද ජනපති හමුවේ

Tuesday, 22 November 2016 - 7:26

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
පළාත් සභා සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මෙවර අයවැයෙන් කප්පාදු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට අද දහවල් ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.

එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සහභාගිවීමට නියමිතයි.

මේ අතර, පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ පිළිබදව පසුගිය දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ කැබිනට් අනු කමිටුව විසින් සාකච්ඡා කළ බවයි.

මෙම සාකච්ඡාවට අමාත්‍ය රවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, පළාත් සභා සහ පළාත් අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි සහ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ද එක්ව තිබෙනවා.

එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉදිරිපත් කරන ලද තාක්ෂණික සහ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories