සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Tuesday, 22 November 2016 - 14:22

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රයේ සංශෝධන ඇත්නම් මේ මස 29 වන දාට පෙර ඒවා සිදුකර ගත යුතු බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව පාසල් අයදුම්කරුවන්, විදුහල්පතිවරයා මාර්ගයෙන් සහ පෞද්ගලික අයදුම්කරුවන් තමන් විසින්ම පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත යොමු කර අදාළ සංශෝධන සිදුකර ගත යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සදහන් කළේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 හෝ පාසල් විභාග සංවිධාන ශාඛාව ඇමතීමෙන් ලබා ගත හැකියි.

දෙසැම්බර් 6 වන දා සිට 17 වන දා දක්වා විභාග මධ්‍යස්ථාන 5669කදී පැවැත්වෙන මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන් සංඛ්‍යාව හත්ලක්ෂයකට ආසන්නයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories