2015 අයවැයේ කඩවුණු පොරොන්දුවක් ‘‘හිරු ටී වී සලකුණේදී’’ ඉටුවේ

Tuesday, 22 November 2016 - 18:13

2015+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E2%80%98%E2%80%98%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%A7%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E2%80%99%E2%80%99+%E0%B6%89%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මේ වසරට අදාළව 2015 වසරේ ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියේ කඩවුණු පොරොන්දුවක් වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා සියයට 15 ක පොලියක් ලබාදීමේ තැන්පතු සීමාව රුපියල් ලක්ෂ 15 දක්වා ඉහළ දැමීමේ යෝජනාව ඉටුකරදීමට හිරු ටී.වී. සලකුණ සජීවී දේශපාලන සංවාදයේදී හැකිවුණා.

ඒ, ඊයේ විකාශය වූ එම වැඩසටහනේදී මුදල් අමාත්‍ය රවී කරුණානායකගෙන් ඒ පිළිබඳ කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

‘‘සළකුණ’’ වැඩසටහනේදී සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී එම යෝජනාව ඉටුකර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පළමුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ නිලධාරීන් අමතා කරුණු පැහැදිළි කරගත් අමාත්‍යවරයා එම අයවැය යෝජනාව ඉටුවී නොමැති බව පිළිගත්තා.

කඩිනමින් එම කටයුතු ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories