ඒකාබද්ධ විපක්ෂයත් ලිපියක් භාරදෙයි

Tuesday, 22 November 2016 - 18:15

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහ බැංකුවේ ස්වාධීනත්වයට හානිකර සියලූ අයවැය යෝජනා ඉවත් කිරීමට විධායක බලය යොදා නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් භාරදුන් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලූ මන්ත්‍රීවරුන් ඊට අත්සන් කළ බවයි.

එට්කා ගිවිසුම මගින් ඉන්දියානුවන් දස ලක්ෂයකට මෙරට රැකියා හිමිවන බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තවමත් අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් මෙහෙයවන රැකියා දස ලක්ෂය වැඩසටහනේ භාරකරු ලෙස කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories