දික්ඔය රෝහලේ හදිසි අනතුරු පෙරහුරුවක් (ඡායාරූප)

Wednesday, 23 November 2016 - 14:54

%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%94%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හැටන් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් / හෙද නිලධාරිනියන් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ පෙරහුරුවක් පවත්වා තිබෙනවා.

ඒ හදිසි අනතුරු අවස්ථාවකදී තුවාලකරුවන් වර්ගීකරණය කර ඔවුන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදී ජීවිත බේරා ගැනීමේ උපදෙස් ලබාදීම සඳහායි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මුලිකත්වයෙන් හැට්න් පොලිසියේ ද සහයෝගය සහිතව මාරක රිය අනතුරක් වන ආකාරය රග දක්වා ඉන් තුවාල ලැබුවන්ට ප්‍රතිකාර ලබාදෙන ආකාරය මෙහිදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත පැහැදිළි කර දුන් බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

මෙම අවස්ථාව දැකබලා ගැනීම සඳහා විශාල පිරිසක් ද දික්ඔය රෝහලට පැමිණ සිටි බව සඳහන්. 



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories