සහල් මිල ඉහළ යයි - ආරක්ෂිත තොග මුදාහරින්න සැළසුම්

Wednesday, 23 November 2016 - 18:06

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
වෙළඳපොලේ මේ වනවිට සහල් මිල ඉහළ ගොස් ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීම් ආයතනය පවසනවා.

ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක මිල රුපියල් හතකින්ද, සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් තුනකින්ද ඉහළ ගොස් ඇති බවයි එහි පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත් දෙසැම්බර් මුල සිට රජය සතුව පවතින ආරක්ෂිත සහල් තොග වෙළඳපොලට මුදාහැරීමත් සමඟ ඉහළ ගිය සහල් මිල පහළ යනු ඇති බව ඔහු ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories