දෙහිවල නිවසක පිළිස්සුණු මළ සිරුරක්

Thursday, 24 November 2016 - 12:52

%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
දෙහිවල - නැදිමාල - විජිතපුර ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ පුද්ගලයෙකු පිළිස්සී මියගොස් තිබෙනවා.

අද පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම පිළිස්සුනු මළ සිරුර සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

නිවසේ කාමරයක් තුළ අද අළුයම ගින්න හටගෙන තිබෙනවා.

ගින්න ඇතිවන විට මියගිය පුද්ගලයා එම කාමරයේ නිදාගෙන සිට ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

ගින්නෙන් මෙලෙස පිලිස්සී මියගොස් ඇත්තේ අවුරුදු 60 ක් වයසැති  පුද්ගලයෙක්.

සිද්ධිය වන අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ පුත්‍රයා නිවසේ සිට නොමැති බවටද වාර්තා වනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories