රිමාන්ඩ් භාරයේ සිටින අනුර සේනානායකගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අධිකරණයෙන් නියෝග

Thursday, 24 November 2016 - 14:13

%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් 2008 වසරේදී කොටහේන ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අධිකරණය නියෝග කළා.

මෙම සිද්ධියට අදාල නඩුව අද කැදවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්  මෙම නියෝගය ලබාදුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා නාවික හමුදාපතිවරයාට නියෝග කළේ සිද්ධිය පිළිබඳ ඉදිරි පරීක්ෂණ සඳහා අවශ්‍ය ලිපිලේඛණ මේ මස 30 වනදාට පෙර පොලීසියට භාරදෙන ලෙසයි.

මෙම පැහැරගැනීමට යොදාගත් මෝටර් රථය වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොටස් කර තිබියදී හමුවී තිබීම ඊට හේතුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories