ලබන මස පළවැනිදා සිට දිවයින පුරා බස් රථ වර්ජනයක්

Thursday, 24 November 2016 - 14:17

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%83+%E0%B6%B4%E0%B7%85%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලබන පළවනදා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා අඛන්ඩ බස් රථ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මාර්ග නීති කඩ කිරීම් හතකට අදාලව රුපියල් 25,000 ක් දක්වා දඩ මුදල් ඉහළ දැමීමට රජය ගත් තීරණයට එරෙහිව මෙම වර්ජනය ආරම්භ කරන බවයි.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙම වර්ජනයට සහය නොදක්වන බව එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

මේ අතර මාර්ග නීති කඩ කිරීම් හතකට අදාලව රජය විසින් පැනවු  රුපියල් 25,000 ක නව දඩ ක්‍රමවේදයට  එරෙහිව දෙසැම්බර් මස පළවනදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹෙණ බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  පෞද්ගලික බස් රථ ධාවකයන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු  කියා සිටියේ රජය විසින් පැනවූ නව දඩ ක්‍රමවේදයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories