සීනි කන්ටේනරයකින් කොකේන් කිලෝග්‍රෑම් 200 ක් - වටිනාකම කෝටි 200 ක්

Thursday, 24 November 2016 - 18:06

%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+200+%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+200+%E0%B6%9A%E0%B7%8A
රේගු භාරයේ පවතින තවත් කන්ටේනර් 40 කට වැඩි ප්‍රමාණයක කොකේන් සගවා ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබෙන එලෙස පරීක්ෂා කරන ලද කන්ටේනරයක තිබී කෝටි 200 කට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 200 ක් අද (24) සොයා ගත් බවයි.

සීනි රැගෙන එන මුවාවෙන් මෙම කොකේන් තොගය බ්‍රසීලයේ සිට මෙරටට රැගෙන විත් ඇති බව සදහන්.

අධිකරණ නියෝගයක් මත කන්ටේනර් 50 කට වැඩි ප්‍රමාණයක් රේගු භාරයට ගෙන තිබෙනවා.

එම කන්ටේනර්වල කොකේන් ඇති බවට ලැබුණු පැමිණිලි මතයි ඒවා රේගු භාරයට ගෙන ඇත්තේ.

මීට පෙර ද අවස්ථා තුනකදී බ්‍රසීලයේ සිට මෙරටට ආනයනය කරන ලද සීනි කන්ටේනර්වල තිබී කොකේන් මත්ද්‍රව්‍ය හමුවුණා.

මෙහි ආසන්නතම සිද්ධිය කැළණිය - පෙතියාගොඩ ප්‍රදේශයෙන් වාර්තාවූයේ පසුගිය 9 වනදායි.

පෙතියාගොඩ ප්‍රදේශයේ ගබඩාවක් තුළ සීනි අඩංගු කන්ටේනරයක සූක්ෂම ලෙස අසුරා තිබියදී රුපියල් කෝටි 45 ක වටිනාකමකින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 31 ක් සොයා ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories