ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් අනතුරු ඇගවීමක්

Friday, 25 November 2016 - 12:17

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මාර්ග නීති හතකට අදාලව පැවති දඩ මුදල රුපියල් 25,000 ක් දක්වා ඉහළ දැමීමට රජය ගත් තීරණයට එරෙහිව ඉදිරියේදී ත්‍රිරෝද රථ රියදුරන්ට මහමගට බැසීමට සිදුවනු ඇති බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය පවසනවා.

ස්වයං රැකියා වෘත්තීකයින්ගේ ජාතික සම්මේලනය සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය ඇතුළු තවත් සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ (24) අස්ගිරි මහානාහිමියන් හමුවුණා.

ඒ වත්මන් රජය විසින් මාර්ග නීතිවලට අදාළව ඉදිරිපත් කර ඇති සංශෝධන පිළිබදව මහානායක හිමියන් දැනුවත් කිරීම සදහායි.

එහිදී, ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන පළකලේ මෙවන් අදහසක්.

"මේ රටේ දඩ ගහන්න  තීන්දු තීරණ ගන්නේ රවි කරුණානායක ඇමතිතුමා බස් ගැමුණු සමග නම් අපට විශාල ප්‍රශ්ණයක් තියෙනවා මේ රටේ ත්‍රී රෝද රථ කර්මාන්තයේ යෙදෙන අපට. සියලුම වාහන පදවන්නන්ගේ ප්‍රශ්ණ මොවුන් ඉදිරිපත් වෙලා දඩ කෙළියට එනවා නම් මේක බරපතල ප්‍රශ්ණයක්. ඒක නිසා ත්‍රී රෝද රථ වෘත්තිය කරගන්න බැරි තත්වෙට බස් ගැමුණු මේක ගෙනැල්ලා තියෙනවා. බස් ගැමුණුගේ බස් කර්මාන්තය පවත්වාගෙන යන්නට ත්‍රී රෝද රථ කර්මාන්තය විනාශ කිරීමට බස් ගැමුණු සමග ඩීල් එකක් දාගෙන තියෙනවා මේ රවි කරුණානායක කියන ඇමතිවරයා. ඒ ගැන විශේෂ අවධානයක් යොමුකරන්න කියලා අපි මහනායක ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලුවා. ත්‍රී රෝද රථ වෘත්තිකයා ගලවා ගැනීමට අපි ඉදිරියේදී මේක ක්‍රියාමාර්ගයක් නොගත්තොත් අපි ආණ්ඩුවට එරෙහිව දරුවාගේ සිට මහ පාරට එන දවස වැඩි ඈතක් නෑ."


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories