වියට්නාමය, අප්‍රිකාවෙන් ගෙන ආ ඇත්දළ තොගයක් අල්ලයි

Friday, 25 November 2016 - 13:07

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%2C+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%85+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අප්‍රිකාවේ සිට මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ කිලෝග්‍රෑම් 619 ක ඇත්දළ තොගයක් වියට්නාම බලධාරින් ඊයේ සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම ඇත්දළ තොගය කන්ටේනර් දෙකක සගවා තිබූ බවයි හෝ - චි - මින් නුවර රේගු නිළධාරින් ප්‍රකාශ කළේ.

ඒ අනුව, පසුගිය මාස දෙක තුළ මෙම වරායෙන් අත්අඩංගුවට ගැණුනු ඇත්දළ තොගය ටොන් 4 කට ආසන්න වනවා.

මෙම ඇත්දළ තොගය සොයා ගෙන ඇත්තේ වියට්නාමයේ හැනොයින් නුවරදී නීතිවිරෝධී වනසත්ත්ව වෙළදාම වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර සම්මේලනයක් පැවැත්වීමට සතියක් තිබියදීයි.

ලොව රටවල් 40 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන එම සමුළුව සදහා බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු ද සහභාගි වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories