වාහන පරිපූරකය යලි පාර්ලිමේන්තුවට

Saturday, 26 November 2016 - 18:11

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ විපක්ෂ නායක ඇතුළු 28 දෙනෙකුට වාහන මිලදී ගැනීම ඇතුළු යෝජනා 22 කින් යුත් පරිපුරක ඇස්තමේන්තුවක් අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් පරිපුරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.

අමාත්‍යවරු 07 ක් , රාජ්‍ය අමාත්‍යවරු 08 ක්, නියෝජ්‍ය අමාත්‍යවරු 12 ක් සඳහා ඉදිරිපත් කර තිබූ මෙම පරිපුරකයේ වාහන මිලදි ගැනිමට පමණක්  රුපියල් 79 කෝටි පහලොස් ලක්ෂයක මුදලක් වෙන් කර තිබෙනවා.

විපක්ෂ නායකවරයාට වාහනයක් මිලදී ගැනිමට වෙන් කළ මුදල රුපියල් 3 න් කෝටි 5 න් ලක්ෂයක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නිල නිවාස පරිශ්‍රයේ ගොඩනැගිල්ලක් ඉදිකිරිම වෙනුවෙන් රුපියල් එක්කෝටි 97 ලක්ෂයක් වෙන් කර තිබෙනවා.

2016 අයවැය යෝජනා අනුව පලාත් පාලන ආයතන ශක්තිමත් කිරිම සදහා පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය සදහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 39 ක්.

නායයෑමෙන් හානියට ලක්වූ මිරියබැද්ද නිවාස ඉදිකිරිම් කටයුතු සම්පුර්ණ කිරිම සඳහාද මෙම පරිපුරක ඇස්තමේන්තුවෙන් මුදල් වෙන්කර තිබෙනවා.

ඊට අදාළව ආපදා කලමනාකරණ අමාත්‍යාංශය සදහා රුපියල් 3 කෝටි 56 ලක්ෂයක් වෙන්කර ඇති බව සඳහන්.

අමාත්‍යවරුන්ට සහ විපක්ෂ නායකවරයාට වාහන මිලදි ගැනීම සදහා අද ඉදිරිපත් වු මෙම පරිපුරක ඇස්තමේන්තුව පසුගිය ජුනි මාසයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු අතර අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ එය ක්‍රියාත්මක නොකරන ලෙස උපදෙස් ලබාදුන්නේ කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් හානි වූ නිවාස සහ දේපළ වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහායි.

මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ හත්වන දිනය වන අද රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ නිවාස හා ඉදිකිරීම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට
ගැනෙනවා.

විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක් අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක විය යුතු බව සදහන් කළා.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන අදහස් දැක්වීමේදී ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග ඊට මැදිහත්වීමත් සමග දෙදෙනා අතර උණුසුම් සංවාදයක් ඇති වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories