පන්තියට යන්න ගුරුවරුන්ටත් ලයිසන්

Saturday, 26 November 2016 - 18:21

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
පාසල් ගුරුවරුන්ට පන්ති කාමරවලට ඇතුළුවීම සදහා බලපත්‍රයක් හදුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

කොළඹදී ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ගුරු තුලනය සහ මාරුවීම් සදහා විද්‍යාත්මක වැඩපිළිවෙලක් සකස් කරන බවයි.

විදේශ රටවල ගුරුවරයාට පන්ති කාමරයට ඇතුළුවීම සඳහා අවශ්‍ය කරන බලපත්‍ර ක්‍රමය සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ ගුරුවරයාගේ දැනුවත්වීම සම්බන්ධයෙන් මෙම බලපත්‍රය ලබාදෙන බවයි.

ඒ අනුව ඉදිරියේදී මෙරට විෂය මාලා සංශෝධනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories